Sunday, December 8, 2013

අකුරු කෙරෙන ජීවිතේ

අකුරු කෙරෙන ජීවිතේ

 

 

 අද වෙනදට වඩා හරි අමුතු දවසක්.

 එහෙමයි වෙනදට වඩා කලින් ඇහැරුනු කසුන්ට දැනුනේ අම්ම වෙනද කාමරේටම ගේන තේක අද ගෙනෙයිද කියල තාම හිතාගන්න පුලුවන් කමක් කසුන්ට තිබුනේ නෑ...

 ඊයෙ රෑ උන දේ ගැන කාමරෙන් එළියට ගිහින් අම්මට මූන දෙන්න පුලුවං කමක් කසුන්ට තිබ්බෙ නෑ ඊයෙ රෑ කොහොමද ගෙදරට ආවෙ කියලවත් කසුන්ට හරි හමන් මතකයක් නෑ.

කවදාකවත්ම අරක්කු කටේ තියපු නැති කසුන් තමන්ගේ ආදරෙත් එක්කම තමන්ගේ ජීවිතෙත් නැති කර ගන්න තැනට වැඩ සිද්ද කරගන්නේ තමන් ප්‍රාර්ථනා කරපු ඒ උතුම් ආදරේ තමන්ව මේ විදිහට මුලා කරපු නිසා.....