Sunday, December 8, 2013

අකුරු කෙරෙන ජීවිතේ

අකුරු කෙරෙන ජීවිතේ

 

 

 අද වෙනදට වඩා හරි අමුතු දවසක්.

 එහෙමයි වෙනදට වඩා කලින් ඇහැරුනු කසුන්ට දැනුනේ අම්ම වෙනද කාමරේටම ගේන තේක අද ගෙනෙයිද කියල තාම හිතාගන්න පුලුවන් කමක් කසුන්ට තිබුනේ නෑ...

 ඊයෙ රෑ උන දේ ගැන කාමරෙන් එළියට ගිහින් අම්මට මූන දෙන්න පුලුවං කමක් කසුන්ට තිබ්බෙ නෑ ඊයෙ රෑ කොහොමද ගෙදරට ආවෙ කියලවත් කසුන්ට හරි හමන් මතකයක් නෑ.

කවදාකවත්ම අරක්කු කටේ තියපු නැති කසුන් තමන්ගේ ආදරෙත් එක්කම තමන්ගේ ජීවිතෙත් නැති කර ගන්න තැනට වැඩ සිද්ද කරගන්නේ තමන් ප්‍රාර්ථනා කරපු ඒ උතුම් ආදරේ තමන්ව මේ විදිහට මුලා කරපු නිසා..... 

ඒ කසුන් උසස් පෙළ විභාගට මූන දෙන අවුරුද්දේ සිද්ද උන පුංචි අත් වැරැද්ද මේ තරමට තමන්ගේ ජීවිතේ මේ විදිහට වෙනස් කරයි කියලා කවමදාවත් කසුන්ට හිතෙන්න නෑ...

    වෙනද වගේම කසුන් පොලිටිකල් පීරියඩ් එක කට් කලේ ඉන්ටවල් එකෙන් පස්සෙ ක්ලාස් එකේ හිටියොත් නින්ද ගිහින් සර් ගෙන් බැනුම් අහන්න වෙනව කියල හොදාකාරවම දන්න නිසා. ක්ලාස් එකෙන් එලියට ඇවිත් කැන්ටම පැත්තට යනොකොට කොමස් ක්ලාස් එකේ කොල්ලො ටික කැන්ටින් එක ගාව ඉන්න එක ගැන කසුන් සෑහෙන්න සන්තෝස උනා..

 "ආ මචන් කස්සා කොහෙද යන්නේ...කෝ උඹේ කාපාලුවෝ නැද්ද" 

"නෑ සුජිය උන් ක්ලාස් එකේ මන් විතරයි ආවේ"

 "අනේ නිකා ඉදහන් බන් කුනු හරප නොකියා"

 "අර එන්නේ උඹේ මෝඩ ජෝඩුව"

 "කොහෙද ගෝතයෝ තොපි දෙන්න යන්නේ කිව්වෙ අද ක්ලාස් එකෙන් එලියට යන්නෙ නෑ කියල නේද? දැන් ටියුට් ටික ලියන්නෙ අහවල් එකාද බන් පැතුමෝ"

 "බය වෙන්න එපා බන් අලුතෙන් ආපු පුලනිට කිව්ව ඒක ලියන්න කියල"

 "අඩෝ ඒකිගෙ පඩසෝ බන් ඕව ලියල දෙයිද ඕකි" 

"බය වෙන්න එපා #%#%‍ය්^ ඒකි අනිව ලියයි" 

පොලිටිකල් සර් ක්ලාස් එකෙන් යනකම් ඉදලා කසුන් ක්ලාස් එකට අවේ සර් දවසකට දෙන පිටු 7ක 8ක ටියුට් එක ගෙදර ගිහින් කුණ කාගෙන ලියන්න වෙයි කියන බලාපොරොත්තුවෙන්.

පන්තියේ හිටපු පිස්සුවට බර කොල්ලෙක් වුන කසුන්ට කෙල්ලො කොල්ලො කියල ප්‍රශ්ණයක් තිබ්බෙ නෑ..ඒ ඔක්කොටම කසුන් සැලකුවෙ එකම විදිහට..

ඒත් කසුන්ග්ගෙ ගජයො වුන පැතුමයි,බඩයි කසුන් ගැන හැම දෙයක්ම දැනන් හිටියා....කසුන් පන්තියට එන වේගෙන්ම ගියෙ පලවෙනි පේලියේ මුල්ලෙම පුටුවෙ හිටපු පුලනි ගාවට

"මේ ඔයි කෝ අර නෝට් එක ලිව්වද?.."

කසුන් පුලනි බලන් ලිය ලිය හිටපු පොත ඇදල ගන්න ගමන් ඇහුව.
ගැස්සල බලපු පුලනි කලබල වෙලා නැගිට්ටට කතාකර ගන්න බැරි උනේ කසුන් ඒ වෙනකොටත් පොත අරන් ගිහින් තිබ්බ නිසා.

"අඩෝ බඩා තෝ මගේ පොතද අරකිට නෝට් එක ලියන්න දුන්නේ.."

"හරි හරි බන් මගේ උනාම මොකෝ උබේ උනාම මොකෝ අනික දැන් උඹට ගෙදර ගිහින් නෝට ලියන්නත් නෑනේ..මගේ පොතක් දුන්න නම් නම් උඹ ගෙදර ගිහින් පු* ඉරන් ආයෙ ලියන්න එපාය ගනන් ගන්න එපා බන්" 

පන්ති භාර සිංහල මැඩම් පන්තියට ආපු නිසා කසුන්ට බඩා කියපු දේට මොකුත් කියන්න වෙලාවක් ලැබුනේ නෑ...

මැඩම් උගන්නන අතර පැතුම් හිනා වෙවී කසුන්ට වැලමිටෙන් ඇන්නේ අනික් අතින් කටත් වහගෙනමයි

"ඇයි බන් නිකා ඉන්න බැරිද..උඹේ කොහෙවත් කහනවද?..මැඩම් දැක්කොත් කනක් ඇහෙන්න නෑ බන්"

"මේ බලපන් හිනා යන්නෙ නැද්ද බන්"

"මොකක්ද"

"ඉදා උඹම බලහන්කෝ"

"අනේ මට පොත දෙනවද මට නෝට් එක ලියා ගන්න බැරි වුනා.."

ඒ පුලනි ලියපු චිට් එකක් කියල අදුර ගන්න කසුන්ට අමාරු උනේ නෑ....

සිංහල මැඩම් පන්තියෙන් යනවත් එක්කම පැතුම් කෑ ගැහුවේ

"අනේ මට පොත දෙනවද මට නෝට් එක ලියා ගන්න බැරි වුනෝ...."කියලා

"කට වහගනින් පැතුමෝ මම උඹට ආයෙ කිය්ස්න්නෙ නෑ......"\

ඒත් ඒ වෙනකොට පැතු කියපු දේ පන්තියේ ඔක්කොටම ඇහිල ඉවරයි.
පැතුම් වත් ඇදන් කසුන් එළියට ගියේ තවත් පන්තියේ හිටියොත් අතින් පයින් දාල පැතුම් කතාවක් හදන බව හොදටම දන්න නිසයි..
පැතුම් එක්ක එලියට ගිහින් පන්තියට එනකොට නිකමට කසුන් බැලුවේ පුලනි දිහා...කෙල්ලගේ ඇස් රතු වෙලා කියල කසුන්ට හොදටම තෙරුම් ගියා..පොලිටිකල් පොතත් අරන් ආයෙම ආවෙ පුලුනි ගාවට

"ආ නෝට් එක ලියන් දෙනව"

"තව ගොඩක් ලියන්න තියනවා මම හෙට පොත ගෙනත් දෙන්නද''

"හා හා අරන් යනවා හැබැයි හෙට මතක ඇතුව පොත අරන් එනවා හරිද"

අනික් පැත්ත හැරෙද්දි කසුන් දැක්කේ පැතුම් හිනා වෙවී උළුවස්සට හේත්තු වෙලා ඉන්නවා

"වරෙන් බන් අද කලින් යමු.දෙක් වෙනකන් හිටියොත් ටවුන් එකේ චාටර් වෙන්න වෙනව බස් එකක් එනකන්"
               පාසලට පරක්කු වෙලා මෙන්ම කලින් යාමත් ඒ වෙනකොට උසස් පෙළ කොල්ලන්ට සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබුනත් කසුන් හිටියේ තරමක් කැළඹුනු ගතියකින්..ඒ ඇයි කියන්නට කසුන්ට නොහැකි උනත් කුමක් හෝ හේතුවක් නිසා කසුන් බඩා හා පැතුම් සමග පාසලෙන් පිට උනත් වෙනදා නැති වෙනස ගැන කල්පනා කරමින් සිටි කසුන්ගේ අවධානය බින්දේ බඩා කසුන්ට කතා කල නිසායි.

"මොකක්ද බන් කස්ස ඉස්සල්ල පැතුමා කිව්ව කතාව"

"මොන කතාවද බන්"

"අර නෝට් එකේ කතාව"

"ආ ඒකද?.පුලනි නෝට් එක ලියා ගත්තෙ නෑ කියල චිට් එකක් එවල තිබ්බ බන් මේ ගෝතය ඒක කියවල කෑගැහුවේ..මූට පිස්සු"

"ආ ඒක තමා මහත්තය ඒකිගෙ ඩෙස් එක ගාවට වෙලා හිටියේ"

"මම පොත දුන්න බන් ඒකිට ලියා ගන්න කියල,මොනා උනත් පවුන ඒකි"

"මේ බලපන් පැතුමා..මුගෙ පොර ටෝක් එක...."

"ඒක නම් කවර කතාද බඩෝ කෙල්ලෙක් නැති උනාට මූ සෙවල පප්ප"

"අනේ මගෙන් මොකුත් නාහ ඉදපන් බන්,අන්න බස් එකක් යන්න යන්නෙ ඉක්මනට යමන් නැත්තන් ආයෙ C.T.B. එකක් එනකන් කට්ට කන්න වෙනව"

 කසුන් එහෙම කිව්වෙ බස් එකට දුවන ගමන්..

 

 

####  ඉතුරු ටික ලියන ගමන් තාම.......

 


 

No comments:

Post a Comment