Thursday, September 15, 2011

අංගොඩ යන ගමන්








මේක නම් මට වෙච්ච සිරා කේස් එකක්..

අපේ අක්ක පදින්චි වෙලා ඉන්නෙ කොලඹ පැත්තේ
ඉතින් මම යන්නෙ එන්නෙඅවිස්සාවේල්ලට ඇවිත් කොලඹ පරණ පාර භාවිතා කරල.කට්ටිය දන්නව ඇතිනෙ අංගොඩ තියෙන්නෙ ඔය පාරෙ කියලා..

ඔන්න මම අක්කලා ගෙදර ගිහින් දවසක් ආවා
එදා බස් ටිකක් අඩු නිසා පොඩ්ඩක් පරක්කු උනා....
අක්කා ඉතින් සැරින් සැරේ කෝල් කර කර අහනව මම කොහෙද ඉන්නෙ කියල...
ටික වෙලාවක් යනකොට ස්ටෑන්ඩ් එකට ඒසී බස් එකක් ගැහුව.මාත් නැගල ගිහින් පස්සෙම සීට් එකේ ඉදගෙන,හෙඩ් සෙට් එක එහෙම ගහගෙන ,සින්දුවක් අහ අහ ආතල් එකේ හිටිය ටික වෙලාවකින් බස් එක පිටත් උනා,
ආ මට අනික් පැත්තෙන් හිටියෙ අක්ක කෙනෙක් ඒක කියන්න අමතක උනානේ....
ඔන්න බස් එක ඔරුගොඩ වත්ත එහෙම පාස් කරල යනව ඔහොම යනකොටම එක පාරම මගේ ජන්ගමේ බෙරිහන් දෙන්න පටන් ගත්ත...
පොඩි ඇලට් එකක් දාගෙන හිටිය මම උඩ ගිහින් අහැරුන ටක් ගාල ෆෝන් එක අරන් බලද්දි අක්ක මම ඉතින් ෆෝන් එක අන්සර් කරා..
ඔය වෙලාවෙ බස් එක අංගොඩ ටවුන් එකට කිට්ටු කරල...

"මල්ලි තාම කොලඹ ද?" ඒ අක්ක....

"නෑ අක්කෙ මම මේ අංගොඩ යන ගමන්"

මම එහෙම කියනකොට එහා පැත්තෙ හිටිය අක්ක හිනා වෙනව

මොකටද බොල මේකි හිනා වෙන්නෙ මොකටද කියල මම බැලුව....

මම ෆෝන් එක තියල දහ අතේ කල්පනා කළා මොකටද අර අක්ක හිනා උනේ කියලා....

ටික වෙලාවක් යනකොටනේ මගේ මොලේ පෑදුනේ....මමනෙ ඇදගෙන නාල තියෙන්නේ.....

යකෝ අල්ලපු සීට් එකේ ඉන්න එකා අංගොඩ යනව කියල කෑ ගහනකොට මොකාටද හිනා යන්නෙ නැත්තෙ පස්සෙ තනියම මටත් හිනා....

ඔන්න ඔහොමයි කොල්ලා අංගොඩ ගියේ......

කියවලා බලලා කැමති නම් ෆලෝ පාරක් දාලම යන්න....

Monday, September 5, 2011

කෙල්ලයි ඇදුමයි.






කොච්චර වැදගත් විදිහට
ඇදගෙන ගියත් කෙල්ලෙක් එක්ක.
පිස්සෙක් වගේ තනියම යනකොට දැනෙන නිදහස
 නොදැනේ කිසි දිනක මට...
කිසි දිනක ඇය සමග යන විට
 මට ඕනෑ විදිහට යන්න නෑ මට.
නිදහසේ යන්න අවොත්
ඇයි ඔය පිස්සෙක් වගේ කියා අසයි ඇය..
ඇත්තටම මට පිස්සුද...
නැත්තන් මේ මම අදින්න පළදින්න ආස විදියද.....
තේරෙන්නෙ නැත්තෙ ඇයි මට..



මේ මට ආපු පිස්සු අයිඩියා එකක්....කමෙන්ට් එකක් දාලම යන්න....