Sunday, December 8, 2013

අකුරු කෙරෙන ජීවිතේ

අකුරු කෙරෙන ජීවිතේ

 

 

 අද වෙනදට වඩා හරි අමුතු දවසක්.

 එහෙමයි වෙනදට වඩා කලින් ඇහැරුනු කසුන්ට දැනුනේ අම්ම වෙනද කාමරේටම ගේන තේක අද ගෙනෙයිද කියල තාම හිතාගන්න පුලුවන් කමක් කසුන්ට තිබුනේ නෑ...

 ඊයෙ රෑ උන දේ ගැන කාමරෙන් එළියට ගිහින් අම්මට මූන දෙන්න පුලුවං කමක් කසුන්ට තිබ්බෙ නෑ ඊයෙ රෑ කොහොමද ගෙදරට ආවෙ කියලවත් කසුන්ට හරි හමන් මතකයක් නෑ.

කවදාකවත්ම අරක්කු කටේ තියපු නැති කසුන් තමන්ගේ ආදරෙත් එක්කම තමන්ගේ ජීවිතෙත් නැති කර ගන්න තැනට වැඩ සිද්ද කරගන්නේ තමන් ප්‍රාර්ථනා කරපු ඒ උතුම් ආදරේ තමන්ව මේ විදිහට මුලා කරපු නිසා..... 

Wednesday, May 2, 2012

කාලෙකින්


 කලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ එන්න ලැබුනෙ.
                                          ඒකට නම් හේතු ගොඩයි,පළවෙනි කාරනේ යස අපූරුවට තිබ්බ ලැප් වහන්සේට අසනීප වීම,තිබ්බ සකළ මනාවම තිබ්බ හාර්ඩ් අයිය මිය පරලොව යෑම.තව තව ගොඩාක් හේතු තිබ්බ එන්න බැරි වෙන්න.
                  බොහෝම සතුටු දායක අරන්චිය තමා ගෙදරින් පුන්චි කාර් පැන්චියකට මූලික ප්‍රතිපදන සම්පාධනය කර දීම.කොහොමෙන් කොහොමෙන් හරි ලෝකේ මිලෙන් අඩුම කාර් එකක හිමි කරුවෙක් වීමේ වාසනව පසුගිය කාලෙදි ලැබුණා.ලෝකේ මිලෙන් අඩුම උණාට මොකෝ අසියාවෙ මොකක්ද රටේ නම් එහෙම නෑ,මොනා කරන්නද?අපිම පත් කරන් අපිම දුක් විදිනවා...කමක් නෑ කොහොමෙන් කොහොමෙන් හරි වාසියකුත් උනේ නැත්තෙම නෑ.වහනේ අරන් මාස 2 ක් විතර යනකොට මෙන්න බොළ වහනේ තවත් ගනන්  ගියා.වාසනාව වාසනාව.
                          කෝ ඉතින් වටේ යනව ඉවරයක් නෑනෙ.මොකක්ද වහනේ හ හා........ ටාටා නැනෝ එකාක්නෙ මන් ගත්තෙ,අය්යෝ සල්ලි කියල හිතෙනවද?මොකද අපේ අග නගරෙ පැත්තෙ ඒව ටැක්සි දුවන නිසා,බොරු මොකටද අයුබෝවන්ඩ මත් ගත්තේ ඒ කාරියටම තමා,අරන් මස කීපයක්ම ඒ වැඩේ කරල හරියටම අදට සතියකට කලින් වැඩේ නතර කළා.නතර කළා නෙවෙයි කරන්න සිද්ද උණා.පාඩු ලබලවත් ගුටි කාලවත් නෙවයි නතර කළේ,මට රැකියාවක් ලැබුණ නිසයි.මම හයර් දිව්ව කිව්වට මොකෝ වැඩි හරියක් මගේ ගමන් වලට තම පාවිච්චි කලේ.හැබයි ඒකෙන් ලබන වින්දනේ නම් නැති වෙලා නෑ.
              කවුරු හරි කියනව නම් මෙලෝ රහක් නෑ කියල එන්න යන්න රවුමක් මාත් එක්ක...හොන්ඩ,සුබාරු,මිට්සුබිශි වගේ නැති උනාට සෑහෙන වින්දනයක් ගන්න පුලුවන් වාහනයක්,අඩුවක් පඩුවක් නැතුව අපේ ගම් පළාතෙ 110 යන්න පුලුවන් කම තියනව කිසි ගින්නක් නැතුව,හිතුවද එහෙනම් මු ඉන්නෙ රජ රට කියල....අනේ නෑ පූරුවෙ කරපු පිනකට වගේ කිසීම අපහසුවක් නැති උඩ රට පුංචි එංගලන්තෙ පිහිටි දිස්ත්‍රික්කයේ කොනකට වෙන්න සමන් දෙවියන්ගෙ අඩවිය පෙනෙන දුරක ජීවත් වෙන්න වාසනාව අත් වෙලා තියනවා.කොහොමෙන් කොහොමෙන් හරි සිරිපා කරුණා කරපු උදවිය දන්නව ඇති මේ පළාත ගැන ලාවට හරි...හරි හරි අයෙත් කතාවට එමුකෝ...ඉතින් ඒ ගනට යන්න පුලුවන් වහනේ වර්ගය වැඩක් නෑනේ..මොකෝ බෙන්ස් එකක 100 ගියත් බයිසිකලේක 100 ගියත් එකම වේගෙනේ...අනික් කාරනාව තමා හසුරවන්න තියන පහසුව ඒ ගැන නම් කියන්න දේවල් නෑ....තව වර්නනා කරන්න ගොඩාක් දේවල් තියනව ඒ ටික පසුවට...නැනෝ ගැන ඔයාලගේ අදහස් කියලම යන්නකෝ....