Tuesday, July 5, 2011

මම කලු සුද්දො බලා පොරොත්තු උනෙමි

            
                            මේ ලගදි දවසක් අපේ බාප්ප කරයෙක් ආව අපේ ගෙදර.වෑන් එක ඉල්ලන් යන්න එයගෙ හාමිනෙත් එක්ක.එයගෙ නගා රට ඉදන් එනව කියල

කොහොම හරි එදා එයාලට වෑන් එක ගෙනියන්න බැරි උනා ගෙදර ගමන් වගයක් යන්න තිබ්බ හින්ද.බාප්පගෙ වයිෆ් ඒ කියන්න අපෙ පුන්චි සොබනේට ටිකක් බරයි.

අපිත් එක්ක කත බහ කරනව වරද්ක් නෑ.ඒත් මම නම් වැඩිය නෑ.

ඔන්න කොහොම හරි එයගෙ නගා ගැන වර්නනවක් පටන් ගත්තෙ නැතැ.මම ඉතින් පල්හෑලි අහන්න කැමති නැති නිස ශේප් එකේ මාරු උනා.
මම කමරේට ගිහින් මශින් එක දගෙන ෆේස්බුක් පාරක් යන්නම් කියල හරි බැරි ගහුන.ඔන්න පුන්චි කතව පටන් අරන්.මට අහෙනවව ඇමරිකාව ගැන පට්ට පල් බොරු ගොඩක් ගෙඩිය පිටින් අබරනව.එහෙ මෙහෙමයි.අහෙ මිනිස්සු මෙහෙමයි කතා ගොඩායි මම අහන් හිටියෙ නම් නෑ මට අහුන හරිද. කොහොම හරි දවස ගෙවිල එයල පිටත් වෙල ගිය.වෑන් එක නම් ගෙනිච්චෙ නෑ.

කොහොම හරි ඊට සතියකට විතර පස්සෙ ඔන්න අයෙම අවෙ නැතැ කොහෙන්ද වෑන් එකකුත් හොයන්.මම බප්පගෙන් අහුව
"කොහෙද බාප්පල මේ යන්නේ" කියලා.
බාප්ප කියපිය
"පුන්චිගෙ නගා එනවනෙ රට ඉදන්"කියලා.
"ආ ඇත්තද?"කියල මම ශේප් එකේ මාරු උනා.
කොහොම හරි කට්ටිය දවල්ටත් කාලා හවස් වෙනකන් ඉදල රෑට කන්න පානුත් අරන් ගියා 6ට විතර.
කට්ටිය ගියම මම අහුව අම්මගෙන් කවද්ද අම්මේ පුන්චිගෙ නග එන්නෙ කියල.
ආ ඔය යන්නෙ එයාලව එක්කන් එන්න තමා කියල අම්ම කිව්ව.
මටත් මොකෝ ඕකුන් ආවට අපිට වැඩක් නෑනෙ මොකෝ අපේ ගෙදරට ඈ එන්නෙ කියල මත් හිටිය.

පහුවදා 9ට විතර හොද හීනයක් බල බ්ල ඉන්නකොට අම්ම කෑ ගැහුවෙ නැතෑ මගේ හීනෙ ක්ලේමෝ එකකට අහු වෙලා කුඩු උනා වගේ කුඩු වෙන්න.

"නැගිටිනව ඔහොම නිදාගන්නෙ නතුව.අර මිනිස්සු එනවලු දවල්ට කන්න.ටවුන් එකට ගිහ්න් එන්න පුලුවන්ද බඩු වගයක් ගේන්න"කියල කිව්වෙ නැතෑ.
මගෙ නිදි මත කොහෙන් ගියද මතක නෑ.
මල කෙලියයි
බලපන්කො අද කලු සුද්දන්ගෙ පඩ.අනේ....
මොනා කරන්නද මත් එතින් නැගිටලා මූන එහෙම හෝදන් ටවුමට ගියා...

 සතියෙ දවසක් නිසා අපේ එක කොල්ලෙක් වත් ගෙවල් වලත් නෑ.
අනේ මේ අසරණ කොල්ලට දෙවි පිහිටයි කිය කිය කොහොම හරි අම්ම දුන්න මටත් වඩා උස බඩු ලිස්ට් එකේ තිබ්බ බඩු ටිකත් උස්සන් අව ගෙදර.
අවිත් කෝකටත් කියල Mobitel කාඩ් 2ක්ම ගෙනාවා.
මොකද මම දිරවන්නෙ නැති මිනිස්සුන්ට වැඩිය කැමති නැති නිසා කාමරේටම වෙල ඉන්න ඔකුන් ටික යනකන් කියලා.කරන්න වැඩක් තියෙන්නත් එපාය.
කොහොම කොහොම හරි දැන් දවල් 1ටත් ලගයි.අම්මත් උයල එහෙම බලන් ඉන්නව කස්ටිය එනකන්.
"අනේ දෙවියනේ මේ ගැත්තාට අනුකම්පා කරල අද ඔකුන්ට එන්න බැරි වෙයන්" කිය කිය මන් යැද්දත් එක්ක මගෙ කරුමෙක මහත කියන්න මුන් 3ට කාලක් විතර තියෙද්දි අවෙ නැතෑ.
මල කෙලියයි මන් හිතුවෙ එන්න එකයි කියල.බලන් කනකොට පුන්චිගෙ නගාගෙ සනුහරේම ඇවිත්.
මිනිහයි
දුවයි
පුතයි.සෙට් එකම බැහැලා.
ඒ කෙල්ල නම් මාර ලස්සනයි.
ඒත් කොහෙද අපිට පූස් බල්ලො.





මෙහෙම ගියොත් මට තව පැය ගානක් මේක ලියන්න වෙනව.ඉතුරු ටික ඊලග පොස්ට් එකෙන් දාන්නම්.....

2 comments:

  1. එළ කිරි! ඉක්මණට අනික් කථාවත් දාපන්! මොකද උනේ ඉතින් කස්ටිය ආවට පස්සේ??

    ReplyDelete
  2. Oya Post 1ka Ara Kella dakkoth Oyage Bella Galawai

    ReplyDelete