Monday, July 18, 2011

සගයෙකුගේ සමුගැන්ම

                                                     WP TG-1761 
                                                                
                                                                මාත් එක්ක කාලයක් තිස්සේ එකටම හිටපු අතක් පයක් වගේ හිටපු TVS Star Sport 100cc රථයට අද මට සමුදෙන්න උනා.....

මාස ගානක් මගේ හැම වැඩකටම යන්න එන්න උදවු උන සගයට අද කාර්යාලයේදී සමු දීල එනකොට පුදුම දුකක් දැනුනෙ.මොනා කරන්නද ආයතනයක් මගින් ලබාදුන් වාහන නැවත ඉල්ලුවම දෙන්න අපි බැදිල ඉන්නවනෙ....

100cc උනත් එකෙන් මම ගිය ගමන් බැලුවම හරියට ඒක තමා මගේ කකුළ් දෙක උනේ.රු.100.00 යි  කිලෝමීටර් 50 යි.මම පැදපු බයික් වලින් ලාබම වාහනේ...පර්ස් එකට දැනෙන්නෙවත් නැති වියදමක් උනාට ඒකෙන් ගත්ත ප්‍රයෝජන කියල නිම කරන්න බෑ.....

කොහොම හරි ඉතින් ආය මගේ සගය මා ගාවට එන්නෙ නෑ කියල මම දන්නවා.ඒත් ඒ වගේ සගයෙක්
ලේසියෙන් අමතක කරන්න පුලුවන් වෙයි කියල හිතන්න නම් බෑ.....

කමක් නෑ මගෙන් පස්සෙ වාහනේ බාර ගන්න කෙනා වාහනේට කොහොම සලකයිද කියල බලමුකෝ.....

මගේ අදරනීය සගයා ඔබට ස්තුතියි මෙච්චර කාලයක් මාත් සමග සිටීම ගැන.මට වඩා ඔබට සලකන හොද හිමිකරුවෙකු ලැබේවායි ප්‍රාර්ථනා කරමි.......

1 comment: