Sunday, July 17, 2011

මොකාද මේ මට කෙලවන්නේ......

මේ මට පහුගිය කලෙ සිද්ද උන දේවල් ටිකක්.
බලගෙන ගියාම මගේ වටින කියන හැම දේම නැති උනා.....හැම දේම.
1.මගේ බයික් එක මට නැති උනා.
2.මගේ ජොබ් එක මට නති උනා.
3.මගේ කියල හිතන් ඉන්න කෙල්ලත් මාත් එක්ක ඇර ගන්නවා...
ඊලගට මගේ මොකක් නැති වෙයිද දන්නෙ නෑ......
මට නම් තවත් මෙහෙම ඉන්න බෑ......
එක්කො ජොබ් එකක් තියෙන්න ඕන,නැත්තන් හදිස්සියකට එලියට බහින්න වාහනයක් තියෙන්න ඕන.මට දැන් ඒ දෙකම නෑ.
ඇයි බොල හාල් පාරුවෝ උඹ මටම මෙහෙම කරන්නෙ.ඇයි ඒ.මට උත්තර දීපන්,
මම හිතගත්ත ඊයෙ ඉදන් ආය මට ජොබ් එකකුයි වාහනේකුයි ලැබෙනකම් මම ආය දෙවියො අදහන්නෙ නෑ කියල.වැඩක් නෑ නෙ.මුන්ට වන්දනා මාන කලාට.හැම දේටම හිතේ සතුටක් කියාල එකක් තියෙන්න ඕනා.මට එහෙම එකක් නෑ.
ඉතින් මේ මකදාව ආගමක් බදන් ඉදල අල කන්නද මන්.වෙන මගුලක් වෙන්න කියල මම අය කිසිම ආගමක් දහමක් අදහන්න නෑ නෑ නෑමයි.
බලමු... මමද දිනන්නෙ දෙවියොද කියලා.
මම පොඩි එකෙක් නෙමේ.නමුත් මම දැන් සෑහෙන්න මානසිකව වැටිල කියල මට තේරෙනවා.
කරන්න ඕන මොනවද කියල මට තේරුම් ගන්න බැරි තත්වෙකයි මම දැන් ඉන්නෙ.
පුදුම විදිහට මට මේ වෙච්ච දේවල් වලින් පසු බැහැල ඉන්නෙ කියල තේරෙනව.ඒ කියල මම මොනාද කරන්නෙ.දෙවියන්ගෙන් පිහිටක් නැති උනාම මම දෙවියන්ට කියනවට වඩා හොදයි කට ගලක උලා ගන්නවා......
බලමු තව සතියක්....
මේ දේවල් හොද විදිහකට විසදුනේ නැත්නම්
මම මොනවාම හරි කරනවා.ජීවිතේ ගැනවත්,පවුලෙ මිනිස්සු ගැනවත්,අර මට පණ වගේ ආදරේ කරන කෙල්ල ගැනවත් හිතන්නෙ නෑ මම ආය........මට ඇති වෙලා ඉන්නෙ......

4 comments:

  1. mokak welada ane oyage job eka nathiwune ?
    duk wenna epa oyata dawasaka oya hamadema labei

    ReplyDelete
  2. Ane manda Staff eka wadie kiyala kastiyak ain kala e set ekata mawath ahu una.....

    ReplyDelete
  3. ගනන් ගන්න එපා මචං! ඕවා ඔහොම තමයි!

    ReplyDelete